ධම්ම පදයෙන්

1.
රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනො
වීතරාගා රමිස්සන්තා – නතේ කාම ගවේෂිනො

සොදුරු වනාන්තර කොයිතරම් රමණියද ඒත් ඒවා පිළිබද කාම්සැප සොයන ජනයාට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ.කම්සැප නොසොයන නොඇලෙන සිත් ඇති මහ රහතන් වහන්සේලා කැමැත්තෙන්මයි ඒ වනාන්තර වල වාසය කරන්නේ.

—————————————————————————————————
2.
රාගය හා සමාන ගින්නක් නැත
කෝපය හා සමාන අපරාධයක් නැත
පංචස්කන්ධය සමාන දුක් කඳක් නැත
නිවනට වැඩි සුඛයක් නැත

නත්ථි රාග සමෝ අග්නි
නත්ථි දෝස සමෝ කල්
නත්ථි ඛන්ධ සමා දුක්ඛො
නත්ථි සන්ති පරං සුඛං
(සුඛ වග්ගය)

රාග සමෝ අග්නි – රාගය සමාන

ගින්නක්.

රාගය නම් කවරේද? පසිඳුරන්

මුල්කොටගෙන බිහිවන සිත හට ගැනෙන ඇල්මකි. එය සමාන කර ඇත්තේ දැවෙන සුළු ගින්නකට ය.

දෝස සමෝ කල් – කෝපය සමාන අපරාධයක් නොමැති බව හැඟවේ. කෝපය නිසා බොහෝ අපරාධ හට ගැනේ. කෝපයෙන් හටගැනෙන්නේ නොසන්සුන් බවකි. එමඟින් සියලු දරුණුකම් කුරිරුකම්වලට මුල පිරේ.

ඛන්ධසමා දුක්ඛා – පස්කඳු හෙවත් පංචස්කන්ධය හා සමාන දුකක් නොමැති බව කියැවේ. රෝග පීඩාවෙන් ජරාවට පත්වන දුක මෙතැකැයි කිව නොහැකි ය.

සන්තිපරං සුඛං – නිවනට වැඩි තරම් වූ සැපයක් තවත් නැත. ‘නිවන් සුව‘ යනු පරම සුවය යි. කෙලෙස් මුලසුන් කොට ලබන නිවන් සුව පරම සැපයකි.

Advertisements